එතෙක් මෙතෙක් ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක් ලෙස ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ගේ ”සිංහබාහු” ඉහළින් තිබීම පිළිබදව පසු කථනයක් කිරීම ඉන්පසු පැමිණි චිත්‍රපට වලදී නිර්මාණ ඉක්මනින් ගැලවීම යාමට හේතු දැනගනීමට එකම මාර්ගය බව සිතෙන තැන් කිහිපයක් වනවා.
අද වෙන විට චිත්‍රපටයක් නිර්මාණය සදහා ප්‍රචාරණ කර්මාන්තය අතිශය විශාල පිටුවහලක් වනවා. මෙය අසල්වැසි රටෙි එහෙමත් නැතිනම් ඉංදියාව තුලද වඩාත් විශාල ලෙස දකින්න ලැබෙන දෙයක්.අතින් අදින පෝස්ටර් වලින් එදා ලංකාවෙි ගාමිණී මාලනී මෙන්ම ඉන්දියාවෙි අමිතාබ් – රේඛාව දැකපු මිනිස්සු ඩිජිටල් වලට මාරුවෙන්න ගත්තෙම ඉක්මනින්මයි.

ඇත්තටම චිත්‍රපටයකට ඩිජිටල් ප්‍රචාරණය කරන බලපෑම වඩාත් හොදින් දකින්න ලැබුනෙ සිංහබාහු තුලයි. මෙහිදී විශේෂයෙන්චිත්‍රපටය පැමිණීමටත් පෙර සිටිමි මා නිරුවතින් ” වැනි දෙබස් හරහා ප්‍රේක්ෂකයා එය සොයා එන තැනට පත් කලා. කවුරුහරි කියනව නම් ඒකට සිනමාකරුවා සූදානම් නෑ කියලා සෝමරත්න මහතා එය විශ්වාස කල ආකාරය ගැන ඇත්තේ සුභවාදී තත්වයක්. ඉතින් එම චිත්‍රපටය අති සාර්ථික වීම අසන්නට දෙයක්ද.
එසේම මෙම චිත්‍රපටයේ දක්නට ඇති විශේෂත්වයක් වන්නේ එකම කාලයේ තිරගත වුනු විසල් ආදරේ චිත්‍රපටයට කැමති පිරිසට මෙන්ම සිංහබාහු කැමති පිරිසට විසල් ආදරේ ට එකතු කරගැන්මට තිබූ උපක්‍රමික බවයි. දිනෙන් දින චිත්‍රපට හැදෙමින් පැවතුන ද ඔවුන් කිසිදු විටෙක නව මාධ්‍ය තුල පූර්ව ප්‍රචාරණය හා ඉන්පසු ප්‍රචාරණයන් ගැන විශ්වාස කරන්නෙ නෑ. අප ප්‍රචාරණය නිසා මිනිසුන් බලපාන ඇතැම් තැන් හා දෙබස් වලින් ඔවුන්ට මෙය නැරඹිය යුතු එකක් බවට පත් කර තියෙනවා.
නිෂ්පාදකයා රගපා අවසන් නළු නිලියන් ගෙන ගොස් සප්පායම් වීම් වලින් පමණක් ක්ෂේත්‍රය දියුණු වන්නේ නැති බවද ඒ වෙනුවට හොද සැලසුමක් තිබිය යුතු බවද මතක තබා ගත යුතු වනවා. මෑතක නරඹන්නට යෙදුණු සිනමා පටයක සමාජ මාධ්‍ය පිටුවක් හෝ ක්‍රියාත්මක වන්නේ නෑ. අද තියෙන්නේ කෙසේ හෝ නිෂ්පාදකයා ට එය පියවාගැනීමට හෝ අපහසු තත්වයක්. මුල් කාලීනව චිත්‍රපටය සදහා යොදාගත් කාර්මික ශිල්පීන් පවා එය වෙනුවෙන් මහන්සි වෙන තැන් නැත්තේ නැත.

මිනිස්සුහට අවශ්‍ය වන්නේ චිත්‍රපටි කර්මාන්තය තුල ට මෙි දේ නැතැයි කියා අඩන නිර්මාණකරුවන්ව නොව එය දැනගෙන නිර්මාණ කරන අයය.එසේ නැතිනම් සිදුවන්නේ නිෂ්පාදකයා හට සැමදාම පාඩු විද එය එපා වී යාමයි. ඒ වගේම අද වන විට සිනමා කර්මාන්තය උදෙසා එම චිත්‍රපට්ය හරහා ලැබෙන ලාභයන් ප්‍රකාශයට පත් කර රංගනයට සාභාගිවුනු අය වෙනුවෙන් යම් දේ ඉටු කිරීම පමණක් හෝ කළ යුතුවනවා.
සිනමාකරණය තුල අධ්‍යක්ෂවරයන් අතර වන ඝට්ටන හෝ නළු නිලියන් අතර ඝට්ටනයන් අද වනවිට ඉන්දියාවෙි පවා අවසන්ව අති අතර තවමත් මෙි තත්ව ලංකාවෙ ඇත.මෙය අවසන් කිරීමට කාලයයි. සිනමාව විචාරය කිරීමට නම් සිනමාවෙි ගුණාත්මක භාවය මෙන්ම එයට සම්බන්ධ අයගේද ලක්ෂණ ඉහළ චින්තනයක දැරිය යුතුවන බවට පෙනී යනවා. එවන් සිනමාවක් දකින්නට අනාගතයේ හෝ හැකිවෙි යන්න අපේ පැතුමයි.
නදීෂ නිර්මාණ හේරත්